Sunday, February 5, 2012

ඩොමිනික් චන්ද්‍රසාලිගේ දුතියාගමනයේ ප‍්‍රථමාගමනය


මමයි ඩොමායි campus එක පහළ ඉදන් ඩොමාගේ අලූත් කතා පොතේ proof කියවලා ඒකේ තිබුණු අක්ෂර දෝෂ ටික හදලා campus එකට එමින් ගමන්.

මම ඩොමාට කිව්වා "මචං අර චීන්නු කිව්වා වගේ දැන් උඹට ඉතුරු වෙලා තියෙන්නේ පුතෙක් හදන්න විතරයිනේ. උඹ දැන් පොතකුත් ලියලා තියෙනවා, ගසුත් හිටවලා ඇතිනේ" කියලා.

එතකොට ඩොමා කිව්වා "නැහැ බන් පුතා හදන වැඩේ විතරක් ඉතුරුවෙලා දැන් හුඟක් කල්. මොකද බන් මම ඉස්කෝලේ යන කාලේ තමයි මුල්ම පොත ලිව්වේ" කියලා.

මගේ විශ්වවිද්‍යාල සගයෙක් වෙන ඩොමිනික් චන්ද්‍රසාලි එහෙමත් නැත්නම් ඩොමා ගැන අද කතා කරන්නේ ඩොමාගේ පළවෙනි කවි පොත ලබන සතියේ දොරට වඩින නිසා. ඉතින් ඒකමයි අද post එකේ මාතෘකාව "ඩොමිනික් චන්ද්‍රසාලිගේ දුතියාගමනයේ ප‍්‍රථමාගමනය" වුණේ.

ඩොමා ගැන මම මුලින්ම දැනගත්තේ ස්වීටාගෙන්. මොකක් හරි කතාවකදී ස්වීටා කිව්වා "ඩොමා කියලා සිරා කොල්ලෙක් ඉන්නවා බන්. චිත‍්‍ර වැඩ වගේ ඒවට සුපිරි වැඩ්ඩෙක්. ඒත් මූ lectures යන්නේ නැහැ බන් එක එක වැඩ ඌට. අපරාදේ බන්" කියලා.

ඊට පස්සේ මට ඩොමාව මුලින්ම හම්බුණේ exam එකට admission එක ගන්න පෝලිමේ යද්දී. ඩොමා අපිට කලින් admission එක අරගෙන ඒක කියවන ගමන් හිනාවෙවී කියනවා "බලපල්ලකෝ බන් මේකේ කොරියන් paper එකකුයි හින්දි paper එකකුයි තියෙනවානේ බන්. දැන් කොහොමද මේවට ලියන්නේ" කියලා. කාරණය පැහැදිලියිනේ ඩොමා එච්චර lectures යන්නේ නැහැනේ :)

ඉතින් කොහොම හරි ඩොමා ස්වීටගේ යාලූවෙක් නිසා මාවත් අඳුරගත්තා. ඒ වගේම අපේ තවත් යාලූවෙක්ගේ තාත්තා කෙනෙක්ට Operation එකකට ලේ උවමනා වෙලා ඩොමා මට ඒක කියලා අපි ලේ හෙව්වා. ඒක මම "ලේ වෙනුවෙන්......" කියලා ඒ කාලේ blog එකටත් ලිව්වා.

හිත හොඳ මනුස්සයෙක් වුණු ඩොමා පාරේදී හම්බුණත් හිනාවෙලා විතරක් නොයා විස්තර කතා කරනවා වගේම පත්තරවල පළවුණු තමන්ගේ කවි එහෙම තිබ්බොත් අපිටත් කියවන්න දෙනවා. ඒ වගේමයි Pothpath.com web site එකේ කවි පිටුව කරන්න ඩොමා set වුණාට පස්සේ ඒකේ ඩොමාගේ කවියක් එහෙම තිබුණත් ඩොමා අපිටත් sms එවනවා ඒවා කියවලා බලන්න කියලා.

ඒ වගේමයි pothpath.com web site එක කරන උපුල් අයියව මට මුණගැස්සුවෙත් ඩොමා තමයි. එදා හෙණට වහින දවසක්. මම Gym Canteen එකේ ඉද්දී ඩොමා කතා කළා කොළඹට ගිහින් එමුද කියලා. පස්සේ ඉතින් අපි දෙන්නා මහ වැස්සේ කොළඹ ගිහින් උපුල් අයියගේ office එකට ගිහින් එයාව හම්බුණා. මාධ්‍ය ක්ෂේත‍්‍රයේ වැඩක් කරන එයාව හඳුනාගත්තු එක හරියට වටින දෙයක්.

පස්සේ ඉතින් අර කලින් කිව්වා වගේම ඩොමාගේ කවි පොතේ වැඩේට අපි set වුණා. අන්තිමටම මේ ගිය සතියේ දවසක උදේ මට ඩොමාව හම්බුණා.


"මම උඹව හම්බෙන්න හිටියේ" කියලා කියපු ඩොමා bag එකට අත දාලා "පබාවතීට කවක්" කියන කවි පොත අරන් මට දුන්නා.

දීලා කිව්වා "මේ මගේ කවි පොත බන්. මුල්ම එක දුන්නේ රත්න ශ්‍රීට. ඊළඟ එක මම දෙන්නේ උඹට. මේක ගැන facebook එකේ පොඩ්ඩක් දාපන්" කියලා.

මට තිබුණු වැඩත් එක්ක ඒ වැඩේ පොඩ්ඩක් අතපසු වුණත් මේ සතියේ ඩොමාගේ කවි පොත ගැන මම facebook එකේ හොඳ campaign එකක් කළා.........

මේ තියෙන්නේ ඒ කවි පොතේ කවියක්.

ඩොමාගේ කවි ගැන අමුතුවෙන් මට කියන්න දෙයක් නැහැ. ඩොමා කාලයක් පත්තරවලට ලියලා පන්නරය ලබපු කවියෙක්. ඒක එයා නිල වශයෙන් පොතකින් එළිදැකීමක් විතරයි මේ සිද්ධ කරන්නේ. මොකද නූතන කාව්‍යකරණයේ යෙදෙන හුඟාක් ඔයා ඩොමාට අඳුනන නිසා, ඩොමාගේ කවි දන්න නිසා අමුතුවෙන් ඩොමාට හඳුන්වාදීමක් අවශ්‍ය නැහැ.

ඉතින් ඔයාලටත් ඩොමා වෙනුවෙන් මම ආරාධනා කරනවා මේ මාසේ 9 වෙනිදා බ‍්‍රහස්පතින්දා හවස 2 ට කැලණිය විශ්වවිද්‍යාලයේ ශ්‍රී ධර්මාලෝක ශාලාවට [DH එකට] එන්න කියලා ඩොමාගේ පබාවතීට කවක් දොරට වඩින උත්සවයට.

කවියට හිතැති අතදෙන ඔයාලගේ පැමිණීම ඩොමාට හයියක් වෙයි. මේ link එකෙන් ගිහින් ඔයාලගේ පැමිණීම තහවුරු කරන්න.

ඩොමාගේ හිත හොඳකම ගැන මේ කවිය ලිව්වේ තවත් තරුණ කවියෙක් වෙන මහින්ද ප‍්‍රසාද්.

ඩොමා කාව්‍යකරණයේ දිගු ගමනකට උඹට මගේ සුභ පැතුම්..............

ඩොමාට සුභ පතන්න ඔයාලත් කැමති නම් මෙන්න ඉඩ

ප.ලි. මට ඉන්න මේ වගේ දක්ෂ යාලූවෝ ගැන මම මීට කලිනුත් ලියපු ලිපි කියවන්න කැමති නම් මෙතනින් යන්න. මේ වගේ යාලූවෝ ඉන්න එක ගැන මම සතුටුයි වගේම ආඩම්බරයි :)

12 comments:

  1. මැක්සා වැඩක් අයියේ.. නියමයි
    ලොවෙත් නෑ...

    ReplyDelete
  2. සූභ පැතුම් උඹේ යාළුවට....

    ReplyDelete
  3. ඩොමාට සුබ පැතුම්!

    ReplyDelete
  4. කාලෙකට පස්සේ සහෝ. තරහා වෙන්න එපා පැත්ත පලාතේ නෑවිත් හිටියට. දැන් මේ පුනරුත්ථාපනය වෙන ගමන්. ආයෙ බ්ලොග් එකට අලුත් පෙනුමක් එහෙම දීලා. කවි ලියන්න පොඩි ආසාවක් (කියලා කියා ගන්න එකක්)මටත් තියන නිසා හැකියාවෙන් අනූන ඔයාගේ යාළුවට එක හිතින් සුභ පතනවා.

    ReplyDelete
  5. කවියෙන් සාහිත්‍ය මෙන්ම ලෝකය සනහාලන ඔබගේ මිතුරාට දිගු ගමනක් යාමට සුබ පැතුම්!

    ReplyDelete
  6. ඩොමිනික්ට කිරිල්ලිගෙනුත් උනුසුම් සුභ පැතුම් මෙන්න....දිගු ගමනකට ආසිරි...!!

    ReplyDelete
  7. ඩොමා මල්ලිට මගෙනුත් සුබ පැතුම් !!!

    ReplyDelete
  8. අඩේ! මං මුව දැකල තියනවා, ආයි හම්බු නොත් අනිවාර්යෙන් කථා කරන්න ඔනේ මචං..

    ඩොමා දිගු ගමනක් යන්න මගෙනුත් උනුසුම් සුභ පැතුම් !!!

    ReplyDelete
  9. ඩොමාට සුභ පතන්න එක්වුණු හැමෝටම ඩොමා වෙනුවෙන් මම ස්තුති කරනවා...... :)

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................