Wednesday, December 7, 2011

වටුවන්ගේ මොළේට ඕවා තේරෙනවද ?


අපි පොඩි කාලේ කරපු එක එක ජාතියේ වැඩ ගැන දැන් මතක් කරලා බලද්දී සමහර වෙලාවට හිතෙනවා ඒ කාලේ කරපු වැඩ හරි ගොන් කියලා. ඒ වගේමයි දැන් කාලෙත්. තව ටික කාලයක් ගිහින් මේ දවස්වල කරපු වැඩ ගැන මතක් කළොත් ඒත් අපිට හිතෙයි මේ දවස්වල අපි හරි ගොන් වැඩනේ කළේ කියලා :))

ඒ වගේමයි ඒ දවස්වල සමහර දේවල් අහද්දී දකිද්දී හිතුණේ නැති ගැටළු ගොඩක් දැන් අපිට හිතෙනවා.

පුංචි ඇටේ පැළවෙනා - පුංචි පැළේ ගස වෙනා
පුංචි පුංචි නුවණිනා - පුංචි ළමෝ පඬි වෙනා

කියන්නේ ඒක නිසා වෙන්න ඇති :))

මේ ළඟදී දවසක අපේ දහම් පාසලේ 6 ශ්‍රේණියේ පංතියකට මට උගන්වන්න යන්න සිද්ධ වුණා ඒ පංතියට ඒ period එකේ ගුරුවරයෙක් හිටිය නැති නිසා. ඉතින් එදාට කරන්න තිබුණු පාඩම තමා සම්මෝදමාන ජාතකය. ජාතක කතාව කෙටියෙන් කියන්න වෙනවා නොදන්න අයට දැනගන්නත් දන්න අයට මතක් කරගන්නත් අද කියන්න යන කතාවට ඒක ඕන නිසා.

කතාව මෙහෙමයි. වටු කුරුල්ලෝ කණ්ඩායම් කැලෑවේ ජීවත් වුණා. වටු කුරුළු වැද්දෙක් ඇවිත් දැළක් දාලා වටු කුරුල්ලෙක් වගේ කෑ ගහලා වටු කුරුල්ලෝ දැළට වහපුවාම එයාලව අල්ලා ගෙන යනවා. ඒක තමා ඒ මනුස්සයාගේ ජීවිකාව.


හැමදාම වෙන මේ සන්තෑසිය ගැන කල්පනා කරපු බෝසත් වටු කුරුළු නායකයා තමන්ගේ කට්ටියට උපදෙස් දීලා එක දවසක වැද්දා දැළ දාපුවාම ඒක උස්සාගෙන කැලෑවේ ඈතක තිබුණු කටු ලැහැබකට ගිහින් දැම්මා. ඊට පස්සෙත් මේ විදිහට වටු කුරුල්ලෝ ටික සමඟියෙන් කටයුතු කරලා දැළ ඔසවාගෙන යන වැඩේ කළා.

මේ විදිහට වැඩේ යද්දී වැද්දගේ wifeගෙනුත් වැද්දට දෝස් මුරේ හිස් අතින් ගෙදර එනවා කියලා (වෙනසක් නැහැ දැන් කාලේ වගේම තමා :)) ) ඉතින් වැද්දත් බලාගෙන ඉන්නේ වටු කුරුල්ලන්ගේ සමඟිය නැති වෙනකම්.

දවසක් වටු කුරුළු set එකේ වලියක් ගිහින් කට්ටිය රණ්ඩු කරගන්නවා. වටු කුරුළු නායකයා අවවාද කළත් වැඩක් වෙන්නේ නැහැ. පස්සේ එයා තමන් කියන දේ අහපු පිරිසක් එක්ක වෙනත් ස්ථානයකට යනවා. ඊට පස්සේ වැද්දා ඇවිත් දැළ දාපුවාම ඒක උස්සගෙන යන්න කට්ටියගේ සමඟියක් තිබුණේ නැහැ. අනිත් වටු කුරුල්ලෝ ටික වැද්දගේ දැළට අහුවෙලා ජීවිතේ නැති කරගන්නවා. ඉතින් ඕක තමා කතාව.


ඔය කතාව ආයි පාරක් ඇත්තටම අවුරුදු 11 කට පස්සේ ඇහුවාට පස්සේ මට ප්‍රශ්න 2 ක් ආවා. පස්සේ මම ඒ ප්‍රශ්න 2 ළමයින්ගෙනුත් ඇහුවා.

ප්‍රශ්න 2 තමා මේ

වටු කුරුල්ලෙක් වගේ කෑ ගහන්නේ වැද්දා කියලා වටු කුරුල්ලන්ට තේරෙන්නේ නැද්ද ?

අන්තිමට වටු කුරුළු නායකයා තමන්ට හිතවත් අයත් එක්ක වෙන තැනකට ගියානේ. ඉතින් ඒක කලින් කරන්න තිබුණානේ දැල් උස්ස උස්ස ඉන්නේ නැතුව.....

ඔන්න මගේ ප්‍රශ්න 2. ළමයින්ටත් උත්තර නැහැ. අන්තිමටම ඉතින් මට හිතුණු මේක වෙන්න ඇති උත්තරේ කියන එක මම ළමයින්ටත් කිව්වා.

වටුවන්ගේ මොළේට ඕවා තේරෙනවයැ. උන් වටුවොනේ. අපේ මනුස්ස මොළේටනේ ඕවා හිතෙන්නේ

ප.ලි.: මේ උත්තරෙත් හරියට කතන්දර කියපු සරත්චන්ද්‍ර මහත්තයාගේ සිංහයින්ට තේරෙනවද ලොජික් කතාව වගේ තමා :))

අනික තමා මේ ජාතක කතාවල සිද්ධිවල සත්‍ය අසත්‍යතාව හොයනවාට වඩා කරන්න ඕනේ කතාවෙන් කියවෙන ආදර්ශය අපේ ජීවිතයට ගන්න එක....

14 comments:

  1. 'වටුවන්ගේ මොළේට ඕවා තේරෙනවයැ. උන් වටුවොනේ. අපේ මනුස්ස මොළේටනේ ඕවා හිතෙන්නේ'

    මටත් පේන්නේ මේක තමයි උත්තරේ..

    ReplyDelete
  2. මෙන්න මගේ උත්තර...:D

    1. වටු කුරුල්ලන්ට කොහොම තේරෙන්නද උන් වටු කුරුල්ලොනේ. ඒත් එතන හොඳට නුවන තියන (අර දැල උස්සන් යන්ට තරම් ) වටු කුරුල්ලෙකුත් හිටියනේ. ඒත් ඉතින් එයාට කොච්චර මොලේ තිබ්බත් එයත් කුරුල්ලෙක්නේ.

    2. ඒ කාලේ අසමගියක් නැති හන්දා ඉතින් ඉන්ට ඇති. අසමගි හන්දා තමා වෙන තැනකට යන්ට ඇත්තේ.

    අනේ මන්දා මමත් අද වටු කිරිල්ලියක් වගේ හිතනවද කොහෙද....

    ReplyDelete
  3. උබේ කතාවත් බලාගෙන යනකොට ඇත්ත නේද ,, එත් දැන් මිනිස් මොලෙටත් ඕව තේරෙනවා බොහොම අඩුයි

    ReplyDelete
  4. අපේ දහම් පාසලේ සර් ගේ සරම කඩන් වැ‍ටුනා ඩෙස් උස්සන්න ගිහිල්ලා..ඒක නිසා පරිස්සමින්....හික් හික් ....

    ReplyDelete
  5. ආදර්ශයයි ගන්න ඔනේ ජාතක කතාවල ඇත්ත නැත්ත හොයන්න යන එක පැත්තක තියලා.

    ReplyDelete
  6. මටත් වෙලාවකට හිතිලා තියනවා ජාතක කතාවලට logic නෑ කියලා. සමහර වෙලාවට සත්තුන්ගෙ ජාතක කතාවල සත්තු හැසිරෙන්නෙ කතා කරන්නෙම මිනිස්සු විදිහටමනෙ..!!

    ReplyDelete
  7. වෙන තැන්වල වෙකන්සි ඉවර වෙන්න ඇති.. එකම තැන්වල ඉන්නෙ නැනේ.. ආහාර ව්‍යාප්තිය අනුව ඉන්නේ... අයියා හිතන්නේ ඔය සිද්ධිය ඇත්තටම වුණ එකක් කියලද?
    මට තව අවුලක් තිනවා මන් ව‍ටුවො පිහාඹනවා දැකලා නෑ.. උන්ට වලිගයක් නැතිව අහසෙදි යන දිශාව වෙනස් කරන්නේ කොහොමද?

    ReplyDelete
  8. දාර්ශනිකයෝ මුනිවරු කියන්නේ හොඳට කතා නිර්මානය කරන්න පුළුවන් අය. අදනම් නොම්බර එකේ සල්ලි කාරයෝ.

    ReplyDelete
  9. හික්ස්...පුරස්න දෙකනම් පට්ටයි! උත්තරේ ඊටත් වඩා හොඳයි :) මොනව වුනත් අන්තිමට කියපු කතාවත් ඇත්ත.මේ වගේ කතාවල තියෙන ආදර්ශය තමයි වැදගත්... හොඳ ලිපියක් සහෝ!

    ReplyDelete
  10. ආන්සර් එකනම් පට්ට තමා :D :D :D :D :D

    ReplyDelete
  11. මාත් ඔය ප්‍රශ්න ටික දැනගත්තේ මේ පෝස්ට් එක කියෙව්වමයි.අර කිව්වත් වගේ දෙන දේ කාලා (ආදර්ශය අරගෙන) වෙන දේ බලාගෙන හිටියා නම් හරි. මල්ලිටත් තියෙන්නේ මාරම ප්‍රශ්න නේ :)

    ReplyDelete
  12. මට මතක් වෙන්නේ UNP එකේ කතාවමයි.. හැබැයි ඒකෙ නම් වෙන් වෙලා ගියපු වටුවො ටික ගොඩ ගියා..

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................