Saturday, June 26, 2010

දන් දීම ගැන පරණ කතාවක්


වෙසක් පොසොන් කිව්වාම හුඟක් අයට මතක් වෙන්නේ දන්සල් නේ. ලංකාවේ මිනිස්සුත් දන්සල් දෙනවා කියන්නේ මදි නොකියන්න දෙනවා. ඔය බීම, කෝපි වගේ ජාති දෙන දන්සල්වල බලහත්කාරයෙන් එපා එපා කියද්දිත් ඔය ජාති බොන්න දෙනවා. බත්, නූඩ්ලස් වගේ දන්සල්වලත් කන්නත් දීලා ඔතාගෙන යන්නත් දෙනවා.

ඊයෙත් දන්සල් චාරිකාව ගිහින් ආපුවාම අපේ මිනිස්සුන්ගේ මේ දන් දීමේ ගුණය ගැන හිතද්දී කතාවක් මතක් වුණා. මේ කතාව මම කියෙව්වේ A.L. බෂාම් මහතා විසින් රචනා කරපු "අසිරිමත් ඉන්දියාව" කියන කෘතියෙන්. මේක හින්දු වේද ග්‍රන්ථයකින් උපුටා ගත්ත කතාවක් කියන එකත් මතක් කරන්න ඕනේ.

ප්‍රජාපතී ගෙන් පැවත ගෙන එන දේව, මිනිස්, අසුර කියන කණ්ඩායම් තුන එක කාලයක් තමන්ගේ පියා වුණු ප්‍රජාපතී සමඟ බ්‍රහ්මචාරීන් ලෙස කටයුතු කරලා තියෙනවා. තමන්ගේ පුහුණුව අවසන් කරලා කට්ටිය පිටත් වෙන්න ලෑස්ති වුණා.

මේ වෙලේ දේව කණ්ඩායම " අපේ ආත්මවලට යහපත් යමක් කියන්න මහොත්තමයාණනි" කියලා ප්‍රජාපතීට කිව්වා.
ඒක අහපු ප්‍රජාපතී " ද " කියලා ඇහුවා "ඒක තේරුණාද ?" කියලා.

එතකොට දේව කණ්ඩායම කිව්වා "අපට තේරුණා. ඔබතුමා කිව්වේ දමත්‍ය [දමනය වෙන්න] කියන එකනේ" කියලා.
එතකොට ප්‍රජාපතී කිව්වා " එහෙමයි, ඒක ඔයාලට අවබෝධ වුණා" කියලා.


ඊළඟට මිනිස්සුත් ප්‍රජාපතීගෙන් කලින් ඉල්ලීමම කළාම ආයි පාරක් ප්‍රජාපතී " ද " කිව්වා. ඒ ගමන් ඇහුවා "ඒක තේරුණාද ?" කියලා.
එතකොට මිනිස්සු කිව්වා "අපට තේරුණා. ඔබ කියන්නේ දත්ත [දෙවු/දීම] කියන එකනේ" කියලා.

ඒක අහපු ප්‍රජාපතී කිව්වා "එහෙමයි, ඒක ඔයාලට අවබෝධ වුණා" කියලා.

අසුර කණ්ඩායමත් අර කලින් ප්‍රශ්නේ අහපුවාම ප්‍රජාපති නැවතත් " ද " කියලා ඇහුවා "ඒක තේරුණාද ?" කියලා.
එතකොට අසුරයෝ කිව්වා " අපට තේරුණා. ඔබ කියන්නේ දයධ්වම් [දයා වවු] කියන එකනේ" කියලා.

එතකොට ඒක අහපු ප්‍රජාපතී කිව්වා "එහෙමයි, ඒක ඔයාලට අවබෝධ වුණා" කියලා.

ඉතින් ලෝකයේ නිර්මාපකයා වෙන ප්‍රජාපතී මිනිසාට හුරු කරන්න කිව්වෙත් දන් දීම. ඒ හැරෙන්න පොදුවේ දමනය වීම, දානය, දයාව කියන ඒවා සදාකාලිකව පුහුණු කරන්න ඕනේ කියලා තමයි වේදයේ දක්වන්නේ.

බෞද්ධ ඉගැන්වීම අනුව දානයට ඉතාමත් වැදගත් තැනක් හිමිවෙලා තියෙනවා. ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා, දස රාජ ධර්ම, සතර සංග්‍රහ වස්තු ආදියේ මුල්ම අංගය ලෙස දානය දක්වා තියෙනවා. දානය ගැන බෞද්ධ ඉගැන්වීම විශාල මාතෘකාවක්. ඒක ගැනත් ඉස්සරහට කතා ආශ්‍රයෙන් කතා කරමුකෝ.

ප.ලි.: පස්සේ කාලේ නම් ඔය දීම කියන එක වෙනත් අර්ථවලිනුත් පාවිච්චි වෙන්න පටන් ගත්තා. ඒක කොච්චර දුර දිග ගියාද කිව්වොත් "වවන්නෝ දිනන්නෝ" කියන කියමනත් වෙනස් කරලා "දෙන්නෝ දිනන්නෝ" කියලා භාවිතා වෙන්න ගත්තා :)

12 comments:

  1. දීම කියන්නේ හොඳ දෙයක්!දන් දීම මෙන්ම , මේ කාලේ ජනප්‍රිය වෙනත් ඕනෑම දීමකින් සැප ලැබිය හැකියි!

    වෙනසකට තියෙන්නේ ඔය වෙනත් දීම්වලින් පරලොව සැප ලබන අමාරුයි.ඒව බොහෝවිට මෙලොව සැප සඳහා තමයි ඉතින්!බොහෝවිට රාජ්‍ය සේවයේ ඉහල රැකියා,රජයේ මැති ඇමතිධූර වගේ දේවල් තමයි මෙලොවදී ලැබෙන සැපවලින් සමහරක්!

    ReplyDelete
  2. @ජංජාල චාමර

    කාලින ධර්ම දේශනාවක් කරපු අපේ ජංජාල චාමර උපාසක මහත්තයාට සාදු කාරයක් දෙන්න පින්වතුනි

    සාදු ! සාදු ! සාදු !

    ReplyDelete
  3. මට ලැජ්ජයි වගේ බං! ඔහොම බයිට් කරන්නත් එපා! :)))

    ReplyDelete
  4. >කාලින ධර්ම දේශනාවක් කරපු අපේ ජංජාල චාමර උපාසක මහත්තයාට සාදු කාරයක් දෙන්න පින්වතුනි

    සාදු ! සාදු ! සාදු !....... සාදු ! සාදු ! සාදු !
    ____________________________________________

    මේක නම් දෙන්න හිතෙන පෝස්ට් එකක් අයියේ..මැක්සා

    ReplyDelete
  5. @ජංජාල චාමර

    උඹව බයිට් කළේ නැහැ මිත්‍රයා අගය කළා :)

    ReplyDelete
  6. @Hasitha ජයසූරිය

    දෙන එක හොඳ විදිහට දෙන්න මලයෝ......
    කෑ දේ ගඳයි, දුන් දේ සුවඳයි :)

    ReplyDelete
  7. @Anonymous

    තැන්කු වේවා...
    ඔය සශී ළමයා නේද ?

    ReplyDelete
  8. නියමයි!!!
    දාන්න හිතෙනවා 5K

    ReplyDelete
  9. @බිඟුවා...!

    දාමු දාමු 5 ක් අයියා. මොකද වුණේ කෙහෙල් හොරා මාට්ටු වුණේ නැත්ද ?

    ReplyDelete
  10. ow ow oya dannawane ithin mata welawakata nama d
    anna amathaka wenawa
    sashi

    ReplyDelete
  11. @Anonymous

    අමතක වෙන එක නම් එච්චර හොඳ දෙයක් නෙමෙයි. පර්ස් එක නැතිවුණෙත් ඒ නිසා වෙන්න ඇති නේද ???

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................