Friday, May 21, 2010

ආගිය කතා වෙනුවට ආගිය කවි

මම අද මගේ මේස ලාච්චුව ඇවිස්සුවා නිකං ඉන්න එකේ. ඒකේ තිබිලා නියම ජාති ටිකක් එළියට ආවා. හොඳම ටික තමා මට හම්බුණු මම ඉස්කෝලේ යන කාලේ ලියපු කවි ටික. [කවි කිව්වට ඒවට කවි කියලා කියන්න අමාරුයි. නිසදැස් කියමුකෝ ලේසියට]


ඒ එකක් ලියල තියෙන්නේ ආණ්ඩුවේ විභාගවලදී දෙන උත්තර ලියන කොළේක. ඒ කොළේ දවස හැටියට ශාලා පරීක්ෂකගේ කෙටි අත්සන යටින් දාලා තියෙන්නේ 08/19, මේ Advanced Level Exam එක කාලේ ලියපු එකක්.

ඉතින් මට මතක විදිහට එදා මට තිබ්බේ General English. Paper එක එකතු කරන්න පැය බාගෙකට කලින් උත්තර ලියලා ඉවර වෙලා [කොහොමත් ඉංග්‍රීසි කියන්නේ හරි ලෙහෙසි විෂයක් නේ :)] මම කලේ මේක තමා. එදා නිසදැස් 6 ක් මම ලියලා තියෙනවා එක එක තේමාවන්වලට. ඒවයින් exam එකටත් ටිකක් අදාලව මම ලියලා තියෙන එක මුලින්ම දාන්නම්.


ඔරලෝසුව නැවතී නැත
කාලය ගමන් කරමින් සිටියි
තවත් ප්‍රශ්න පත්‍රයක් නිමවෙයි
හිරු පායයි, හිරු බැසයයි
සඳ පායයි, සඳ බැසයයි
කාටත් නොදැනීම එක් දෙයක් සිදුවෙයි
ඒ අපි වයසට යාමයි...............



හොඳම නිසදැස් ටික [මම හිතන විදිහට] ඉස්සරහට බලාපොරොත්තු වෙන්න

මෙන්න ආගිය කවි Series එකේ දෙවෙනි කොටස "ඉවර නැතෝ - ආගිය කවි 2"

10 comments:

  1. ලස්සනයි....

    (හිහ් ඔයාට පැය බාගෙද???? අපි නම් පැයක් විතර දොයි ගත්ත. හැබැයි අවුලකුත් නෑ........ ඇච්ච කාලෙ ඉඳන් කැලෑසි යන ලේසි විසේනේ.......)

    ReplyDelete
  2. හහ් හා.....ඕක මම හිතන්නේ අපේ ඉස්කෝලේ පොදු සාධකයක් , ඉංග්‍රීසි දවසේ කවි ලිවීම...එල එල ඔහොම යාං...( කැම්පස් නිවාඩු හන්දා කොල්ලා දැන් හැමදාම ලියනව වගේ :) )

    ReplyDelete
  3. එල එල....
    අයියෙ ඔයාට නම් ඉන්ග්ලිශ් කොහොමද දන්නෑ...හැබැයි මාත් ඉස්සෙල්ලම ඉවර කරන පේපර් එක තමයි ඉන්ග්‍රීසි...මන් නම් ඉතින් එහෙම කරන්නෙ ලියන්න දෙයක් නැති හින්ද: වෙන එකකනම් බොරු ටිකක් හරි ලියනවනෙ...හික්ස්

    ReplyDelete
  4. දාපන් දාපන්... වයසට යාම නම් අය්යෝ...

    ReplyDelete
  5. තැන්කු හා පැටික්කි. ඔයාගේ කතාව නම් අමූලික ඇත්ත,

    අපිට තිබ්බ ලේසිම විෂය මේකනේ. මොනවා වුණත් එදා ඔයාලා පැයක්ම නිදා ගෙන නේ. මම නම් "කාලය රන් හා සමාන නිසා" කාලය අපතේ අරින්නේ නැතුව මොකක් හරි වැඩක් කලා. ඒකේ ප්‍රයෝජන තියෙන්නේ දැන් තමා :)

    ReplyDelete
  6. ජංජාල චාමර ට
    රජ්ජුරුවන්ගේ ඉස්කෝලෙටනේ බන් අපි ගියේ ඒක නිසා වෙන්නැති එහෙම වෙන්නේ.

    එදා උඹත් කවි ලිව්වද ? දාපන්කෝ අපිටත් කියවන්න.

    කැම්පස් නිවාඩු දීපු නිසා ඉතින් ආයිත් ගජරාමෙට බ්ලොග්කරණෙට බැස්සා. ඉක්මණට කැම්පස් පටන් ගන්නවා නම් තමා හොඳ :)

    හසිත ජයසූරිය ට
    ඒකත් එහෙමද ? මලයගේ කතාවත් හුඟක් දුරට අපේ කතාව වගේ තමා.

    පිස්සා පලාමල්ල ට
    ස්තුතියි අයියා comment එකට. බාහිරෙන් වයසට ගියාට හදවතින් වයසට යන්නේ නැති අය ඉන්නේ. අපිත් ඒ විදිහට ඉමු අයියා එතකොට ගැටළුවක් නැහැනේ :)

    ReplyDelete
  7. මෙන්න තවත් නිසදැසක්

    http://aagiyakatha.blogspot.com/2010/05/2.html

    ReplyDelete
  8. campus යන අයට නිවාඩු එකත් හොදයි.......campus පටන් ගන්නකන් ඉන්න අයට කියව කියව ඉන්න කවි දාන්නෙ ඒ නිසානෙ......
    කවිය නම් ගොඩක් හොදයි.....අපරාදෙ මට මතක් වුනේ නෑනෙ english papaer එක ලියලා කවියක්වත් ලියන්න​...(M.M)

    ReplyDelete
  9. Anonymous ට
    කවිය අගය කලාට තැන්කු වේවා. English paper එක කරලා ඉවර වෙලා කවි ලියන්න හැමෝටම හිතෙන්නේ නැහැ. ඒක සංසාරේ පතාගෙන එන්න ඕනේ එකක් :)

    කැම්පස් නිවාඩු දීලා තියෙන එකට නම් මම තදින්ම අකමැතියි. ඒත් මොනවා කරන්නද ?

    ඒ වගේම ඔයා හා හා පුරා කියලා කැම්පස් යන්න බලාගෙන ඉන්න කෙනෙක් වගේ. ඒකනේ අවුල. කැම්පස් යන කෙනාටයි තේරෙන්නේ කැම්පස් නිවඩු දීපුවාම තියෙන upset එක.

    ඒ වගේම M.M කියන්නේ නැතිව නම කිව්වා නම් කොච්චර ලස්සනද ? :)

    ReplyDelete
  10. මේ දවස් ටිකේ ගිය ආගිය කවි series එකේ අන්තිම එකත් දැම්මෝ. ගිහින් බලලා comment එකක් එහෙම දාන්ඩෝ.............

    http://aagiyakatha.blogspot.com/2010/05/blog-post_24.html

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................